දේශපාලන ඉතිහාසය දෙස බලන කල පෙනී යන වැදගත් සංධිස්ථානයන් රැසක් පවතී. ඒ අතර මුල් කාලීනව ලෝක දේශපාලනයේ රජුගේ ඒකාධිපති පාලනයත්, ක්‍රමයෙන් රජුගේ බලය පල්ලියට යට වීමත්, ඉන්පසුව ආගමෙන් රාජ්‍යය මුදා ගැනීමත්, අවසානයට රජුගේ කෲර පාලනය ප්‍රශ්ණ කළ ජනතාව විප්ලවයන් හරහා රටක් තුළ වූ බල පිරමීඩය උඩු යටිකුරු කර ජනතාව රාජ්‍යත්වයේ තැබීමත් හරහා දැවැන්ත ජයග්‍රහණයක් ලබා හමාරය.
ඒ වූකලී ලෝක ඉතිහාසයේ මිනිසා විසින් උගත් පාඩම් හරහා මිනිසා ලද ජයග්රහණයන්ය. නමුත් මේ ජයග්‍රහණ ගැන කීමට යමක් ඇත. මේවා සිදුවුනේ යුරෝපයේය. එනම් සුද්දගේ රටේය. මේ අනුව ෂා රජුගේ කෲර පාලනය දුටුවේ සුද්දන්ය. එමනිසා රජු සතුවූ බලය ජනතාව අතට ගත්තේ ඔවුන්ය. වහල් භාවයේ ඇති හිංසනය දුටුවේ සුද්දන්ය. එමනිසා වහල් භාවය අවසන් කළේ ඔවුන්ය. වැඩවසම් ක්රමයේ දුර්වලතා දුටුවේද සුද්දන්ය.
අදූරදර්ශී අමානෝඥ ක්‍රමවේදයන් නිසා අනේක දුක්විඳ, ඒවා වෙනුවෙන් සටන් කොට, ජීවිත දහස් ගණනක් බිලිදී, විකල්ප සොයා ගන්නට සුද්දන් මහන්සි විය. ඒ හරහා ඔවුන් ජනතා පරමාධිපත්‍යය, ප්රජාතන්ත්රවාදය, වැනි විකල්පයන් රැසක් සොයාගෙන ඇත.
යුරෝපයේ මේතරම් පෙරලියක් සිදුවන මොහොතේ අපි වගාකරමින් රාජ්‍ය භාණ්ඩාගාරය පිරවුවෙමු. අනේකවිද බදු ගෙවා රජවරුන්ට මාලිගා ගොඩනැගුවෙමු. අන්තඃපුර සැප විඳිමින් වැජඹෙන රජවරුන්ට පස්වාන්දහසකට බුදුවන්න කියමින් හතරගාතෙන් වැටී වැඳගෙන සිටියෙමු. එබැවින් අපිට රජු ඇගේ කොටසක් තරම් හාවී තිබූ බවනම් සැබෑවකි.
තත්වය මෙසේ තිබියදී සුද්දා ලංකාවට ආවේය. රජවරුන් දිරවන්නේ නැති නිසා සුද්දා අපේ රජුද කුදලාගෙන ගියේය. (අපි දැන් මෙසේ කීවද රජුව ගැටගසාගෙන රැගෙන එනු දුටු සුද්දා මෙසේ අසා ඇත.‘‘හරිනෑ නේද ඔහොම ගේන එක. උඹලගේ රජ්ජුරුවොනේ.’’නමුත් ලැජ්ජාවට කතාව වෙනස් කරන ගමන් අපි මෙසේ කියමු ‘‘ශ්‍රී වික්‍රම රාජසිංහ යනු සිංහලයේ අන්තිම රජු නොවේ.’’ අපේ රජු සුද්දා ගෙන ගියද අපිට රජු එපාවී තිබුණේ නැත.
එපමණක් නොව තවත් දෙයකි. රජු ගෙනගියා මදිවට සුද්දා රටේ ප්‍රභූන්, කුලවන්තයින් ආදීන් නොසලකා හැර මෙහි තිබූ වැඩවසම් ක්රමයද වලපල්ලට යැවීය. ඇත්තටම අපිට එයද එපාවී තිබුණේ නැත. (තාමත් අපි හැකි පරිද්දෙන් කුලක්රමය පවත්වාගෙන යන්නෙමු.)මේ හේතු 2 නිසා අපි එදා සිටම අවිඥනිකම ප්‍රාර්ථනා කළ දේවල් දෙකක් විය. එනම් හොරු ගෙන ගිය අපේ රජතුමා නැවත සොයාගත යුතුය යන්න සහ වැඩවසම් ක්‍රමය ඇතිකළ යුතුය යන ප්‍රාර්ථනාවන්ය.
1948දී DS තේරුණද ඔහු කළු සුද්දෙකි. එමනිසා අපේ හිතට හරිමදි විය. 54දී බණ්ඩාරනායක ආවද ඔහු සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් කෙනෙකි. ඩඞ්ලිද අදාල කර ගත නොහැකි වූයේ ඩඞ්ලිගේ බඬේ මසල වඬේ තිබුණු බැවිනි. එම නිසා මොවුන් දුටුගැමුණු පරපුරට ලංකර ගත නොහැකි විය. තවත් අතකට සිරිමා සහ චන්ද්‍රිකා රාජ්යත්වයේලා සලකන්නට තරම් (පුරුෂ මූලික චින්තනයක් ඇති) සිංහලයා නම්‍යශීලී නොවීය. ඉන් සිරිමාට පසුව ආ JR (ජුලියස් රිචඞ්) යනු සුද්දෙක්ටත් වඩා ඇමරිකන් කාරයෙකි. නමුත් 1987දී කිරුලට අත තැබූ රණසිංහ යනු සැබෑ සිංහල බැවින් යුක්ත වූවෙක් වුවද රජකරගැනීමට යම් හිරිකිතයක්ද සහිත වූවෙකි. එනම් ඔහුගේ කුලය පිළිබඳ ප්‍රශ්ණයයි. 2002 දී ආ රනිල්ද සුපුරුදු UNP සුද්දෙක්ම විය.
මෙවන් ඉතිහාසයක් දුක් විඳ විඳ තම දියසෙන් කුමරා වෙනුවෙන් මගබලා සිටි සිංහලයාට අනාගත රජෙකුගේ ඉවක් වැටුනේ 2005 දීය. හෙතෙම උත්තුංග දේහධාරියෙකි. හොඳ බඩක්ද තිබේ. ඝණව වැඩුණු උඩුරැව්ලක් තිබේ. විච්චූරණ අගබිසවක්ද සිටී.(අන්තඃපුරය ගැන වාක්‍යය මෙතැනදී සිතා ගන්න.) සහෝදර කුමාරවරුද සිටී. කෙසේ හෝ වේවා 2005 වසරේ දිනෙක උතුරේ එළාරට පින්සිදු වන්නට හෙතෙම ශ්‍රී ලංකාවේ රජවිය. ඒ මොහොතේ රටවැසියා කීවේ(ජනතාව නොවේ) මෙය ‘‘මහින්දාගමනය’’ කියාය. ඔහු ආවේ රුහුණෙනි. ගිරුවාපත්තුවේ වෙල් යායක් මැදින් විත් වයසක අම්මා කෙනෙකු KISS කර කුරහන් පෑ සාටකය කර වට දමාගෙන හෙතෙම පාර්ලිමේන්තුවට ගොඩවිය.
මුලින් ආ ගමන සේම ඉන්පසු ගමනද ක්‍රමයෙන් රාජකීය වන්නට පටන් ගත්තේය. තම සේනාව ගෝඨාභය කුමරුට භාරදී ඔහුව ප්‍රධාන සේනාධිපති තනතුරේ තැබීය. භාණ්ඩාගාර වැනි වටිනාම වස්තූන් තමා සන්තකයේම තබා ගත්තේය. තවද "මිහින් චෛත්‍යය" සෑදුවේය. "මිහින් දඬුමොණර සේවය" ඇරඹුවේය. සිංහලයේ රජදරුවන් ගිය මග යමින් තම නම ගල්වල කොටමින් රාජ්‍ය විචාරන්නට පටන් ගත්තේය. (පොළොන්නරුවේ මෛත්‍රීගම, මෙත්සිරි ගම, ආදී දහසකුත් ගම් තිබීම පුදුමයට කරුණක් නොවනුයේ මේ නිසාය. - ප්‍රාදේශීය රාජ්‍යය වල ලක්ෂණ)
රජතුමා පමණක් නොව කුමාරවරු සහ බිසෝවරුද (අගබිසවද ඇතුළුව) රජපවුලට ගැලපෙන පරිදි වැජඹෙන්නට වන්හ. (කුමාරවරු උයන් කෙලියට ඇස්ටින් මාටින් (සුද්දාගේ රථයකි) අශ්ව කරත්ත පවා භාවිතා කළහ.) කෙසේ හෝ පෙර රජදරුවන් මෙන්ම රටවැසියාගේ බදු වලින් භාණ්ඩාගාරය පුරවමින් (එනම් දැන් කියන භාණ්ඩාගාරය නොව රජතුමාගේ පෞද්ගලික භාණ්ඩාගාරයයි. දැන් ඒ සඳහා බැංකු ගිණුම් භාවිතා වනවා විය හැක.) රජතුමන් සුවසේ ශ්‍රී සැප සම්පත්ති භුක්ති වින්දේය.
තම කුඩා පුත්‍ර රත්නය රට රකින්නට කියා නැව් හමුදාවට යැව්වේය. ඔහු ගියදා සිට ශ්‍රී ලංකාවේ සිටියේ දින කීපයක් බැව් රටවැසියා හරිහැටි නොදනී.රට වැසියාට අනූව බාල කුමරු නන්දිකඩාල් කලපුවේ සිට එළාරට තුවක්කුව මානාගෙන සිටී. නමුත් ඉඳහිට ශ්‍රී ලංකාවට එන කුමරු මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයට වී රගර් (සුද්දාගේ ක්‍රීඩාවකි) ක්‍රීඩාකරනු දුටුවද ඔවුහු නොදැක්කාසේ සිටිති. කෙසේ හෝ මේ හරහා අනාගත සේනාධිපති තනතුර ගෝඨාභය කුමරුගෙන් ගලවා තම පවුලටම ගත හැකි බව මහරජතුමා හොඳහැටි දනී.
දෙටු කුමරුවන් වන නාමල් කුමරු ඇස්ටින් මාටින් අශ්ව රථයෙන් බැස ආවද මාටින්ලාගේ කලිසං, සපත්තු ඔහු ඇඟලා නැත. ඒ වෙනුවට ඇත්තේ සිංහල ආර්ය ඇඳුමයි. මේ ඇඳුම අද වන විට අඳින්නේ දේශපාලනඥයන් සහ ජාතිවාදී ප්රවේශයකින් තම බඩවියත රැකගෙන සිටින්නවුන් පමණි. එනම් ඒ දෙපිරිසම ලංකාව විකුණගෙන කන්නන්ය. මේ අනුව පැහැදිලිව පෙනෙනුයේ නාමල් කුමරුද ලංකාව විකුණගෙන කෑමට සූදානම් කර ඇති බවයි. (සමහර විට රුහුණු රාජ්‍යයේ පලාත් අභිෂේකය හරහාම මුල් පියවර තැබීමටද බැරි නැත.)
අනෙක් කුමරුවන් තවමත් නිසි ගමනකට එක් කර නැති නිසාමදෝ හෙතෙම හැරී කුමරු මෙන් හැඩවී තමාට හැකි අයුරින් රජපවුල සරසවා ඇත. දැන් දැන් මහරජතුමා රටවැසියාගේ දරුවන්ගෙන් සමන්විත සිව්රඟ සේනාවක් (ගුවන්, පාබල, නාවික, පොලිස්) ගෙන එළාර පරාජය කිරීමට උතුරට වැද සිටී. දිනකට ජීවිත දහස් ගණනක් බිලිදී එළාරගේ ඉව වැටෙන මානයට ගොස් හමාරය. හෙට අනිද්දා වන විට ඉතුරු සොලීන්ද මරා එළාරගේ බොටුවෙන් අල්ලා ගැනීමට නියමිතය.
ඉන් පසු මහින්ද රජු මහාමහින්ද නමින් තුන් සිංහලයටම රජවී රාජාභිෂේකය පවත්වනු ඇත. එපමණක් නොව රාජාභිෂේකයෙන් පසු අනෙක් රාජකීය කටයුතුද එලෙසම කිරීමට රජතුමන් බිඳකුදු පසුබට නොවනු ඇත. තමාට විරුද්ධ වූවන් රාජද්‍රෝහීන් සේ සලකා උල තබනු ඇත. අලින් එකෙක් නෑර ඇතුන් ලවා පාගවා මරනු ඇත. (UNP අලින්ය. කරනම් ගැසූවන් ඇතුන්ය.) වැඩිපුර කෑගැසූවන් වදකයන් ලවා (වදකයන් නම් වශයෙන් කීමට අවශ්‍ය නැතැයි සිතමි.) ගෙල සිඳවා දමනු ඇත. මෙපරිද්දෙන් රජතුමාට පිංසිදුවෙන්නට නැවත අප රජයුගයට ගෙන යනු ඇත.
ඉන් අනතුරුව ලංකාවේ රටවැසියන්ට කවදාක හෝ රජු එපා වී රජුව එළවා ජනතා පරමාධිපත්‍යය සොයා ගැනීමට හැකිවනු ඇත. එවන් දිනක් එනතුරු සුද්දා දතනියවමින් බලා සිටියහොත් සහ නැවත ශ්‍රී ලංකාව ආක්‍රමණය නොකළහොත් පමණක් අනාගත දිනකදී සුද්දා සමග කරට කර දියුණුවන්නට පටන්ගත හැකිය.
ඒ ගමනට ශ්‍රී ලංකාවට සුභ පතමු.